නුඹ නැති දා.......
උණුසුමක් වෙලා හිද හිම වැටෙන රැයෙ සීත
හීනයෙන් ඇහැරලා නුඹ ගිහින් දුර ඈත
අදරේ යැයි කිව්ව ගුලි කරන් මුදු දෑත
මතකයෙන් නොම මිදී ලියනු බෑ කවි ගීත
එළිය පුන් සඳ ඔබයි අසළ මම පොඩි තරුව
සුවඳ තාමත් දැනෙයි සන්සාරෙ ආ හුරුව
බිදුනු පෙම් හිත ගාව සුසුම් වැල් පද පිරුව
දිනෙක අත් වැල ලිහී අතර මග තනි කෙරුව
No comments:
Post a Comment