.
පෙරදා වැතිරිලා ඔය මුදු පෙති මත්තේ
පිනි කැට වැටුණු සුසුමුදු මුව සිප ගත්තේ
පිපිලා තිබුණු මුත් කොතෙකුත් මල් අත්තේ
තනි වුණු කුසුම ඇයි නුඹ මගෙ හිත ගත්තේ
සුපිපුණු මලේ සුපිරුණු රස මකරන්ද
උණුසුම් සුවඳ විද තුරුලේ ගිය නින්ද
පිනිකැට වැටුණු පෙති වල අම සුව වින්ද
මතකෙට නැගෙන විට වාවනු පුළුවන්ද
ගෙන මල් සුවඳ හමනා මද පවන දඟ
කිව්වා ඉහළ අත්තක නුඹ පිපුණු වග
වැට ඇහිරුවා මිහිලොල් එන අතර මග
උන් දැනගන්න ඇති මා විස තුඩෙහි රග
සූරුය උදා වී අරුණලු වැටෙන කොට
වනයට නොවේ නුබෙ උරුමය මිඳුලකට
පිනි ඉහිරිලා මද සුළගේ වැනෙනකොට
ලන් කර ගන්න හිතෙනව නුඹ තුරුළුකොට
කීවත් මගේ ගැන ගතු පවනැල්ල ඇදී
එමි නුඹ වෙතට දහසක් මල් වලින් මිදී
සමනලු කොතෙක් ආවත් සිප ගන්න නොදී
මගෙ මල් කැකුළ වීයන් මගෙ දිනය කදී
පෙරදා වැතිරිලා ඔය මුදු පෙති මත්තේ
පිනි කැට වැටුණු සුසුමුදු මුව සිප ගත්තේ
පිපිලා තිබුණු මුත් කොතෙකුත් මල් අත්තේ
තනි වුණු කුසුම ඇයි නුඹ මගෙ හිත ගත්තේ
සුපිපුණු මලේ සුපිරුණු රස මකරන්ද
උණුසුම් සුවඳ විද තුරුලේ ගිය නින්ද
පිනිකැට වැටුණු පෙති වල අම සුව වින්ද
මතකෙට නැගෙන විට වාවනු පුළුවන්ද
ගෙන මල් සුවඳ හමනා මද පවන දඟ
කිව්වා ඉහළ අත්තක නුඹ පිපුණු වග
වැට ඇහිරුවා මිහිලොල් එන අතර මග
උන් දැනගන්න ඇති මා විස තුඩෙහි රග
සූරුය උදා වී අරුණලු වැටෙන කොට
වනයට නොවේ නුබෙ උරුමය මිඳුලකට
පිනි ඉහිරිලා මද සුළගේ වැනෙනකොට
ලන් කර ගන්න හිතෙනව නුඹ තුරුළුකොට
කීවත් මගේ ගැන ගතු පවනැල්ල ඇදී
එමි නුඹ වෙතට දහසක් මල් වලින් මිදී
සමනලු කොතෙක් ආවත් සිප ගන්න නොදී
මගෙ මල් කැකුළ වීයන් මගෙ දිනය කදී

No comments:
Post a Comment