Thursday, 25 October 2012

නුඹේ කවිය

සිතුම් එක් තැන්කරපු හීනයක් තියනවා
 නුඹ හොරෙන් ඒ හීනෙ බිදින්නට හදනවා
 ඇවිද ගිය මල් පාරෙ මල් පරව හැලෙනවා
 අඬන්නට හිතෙන මුත් නෙත නොහඬ ඉන්නවා


ගොතන හැම කවියක්ම ඔබට බව දන්නවා
 ඒ දන්න මුත් ඔයා නොදත් සේ ඉන්නවා
 නුඹ නොලියු කවිය මම සිත රවට ගන්නවා
 රැවටිච්ච ඒ සිතම ඔබට කවි ලියනවා

1 comment:

  1. මා ද හීනෙන් දකින හීනයක්..............තියෙනවා
    ඒ හීනයේ ඉඳන් ඔබෙ සුවඳ................විඳිනවා
    තිගැස්සී අවදි වී නිදි ලොවෙන්...............මිදෙනවා
    හීනයෙන් විඳි සුවඳ සබෑ ලොව ............සොයනවා

    මෙතෙක් මා ලිව්වෙ නැති එක කවක්.........තියෙනවා
    සසරෙ වෙන අත් භවෙක එය ලියනු...........සිතනවා
    ඒ කවිය සඟවගෙන මේ කවිය................ලියනවා
    ඒ කවි ද මේ කවි ද ඔබටමයි.............දැනෙනවා

    ReplyDelete