kuujana
Thursday, 25 October 2012
Friday, 12 October 2012
බඹර ගීතය
.
පෙරදා වැතිරිලා ඔය මුදු පෙති මත්තේ
පිනි කැට වැටුණු සුසුමුදු මුව සිප ගත්තේ
පිපිලා තිබුණු මුත් කොතෙකුත් මල් අත්තේ
තනි වුණු කුසුම ඇයි නුඹ මගෙ හිත ගත්තේ
සුපිපුණු මලේ සුපිරුණු රස මකරන්ද
උණුසුම් සුවඳ විද තුරුලේ ගිය නින්ද
පිනිකැට වැටුණු පෙති වල අම සුව වින්ද
මතකෙට නැගෙන විට වාවනු පුළුවන්ද
ගෙන මල් සුවඳ හමනා මද පවන දඟ
කිව්වා ඉහළ අත්තක නුඹ පිපුණු වග
වැට ඇහිරුවා මිහිලොල් එන අතර මග
උන් දැනගන්න ඇති මා විස තුඩෙහි රග
සූරුය උදා වී අරුණලු වැටෙන කොට
වනයට නොවේ නුබෙ උරුමය මිඳුලකට
පිනි ඉහිරිලා මද සුළගේ වැනෙනකොට
ලන් කර ගන්න හිතෙනව නුඹ තුරුළුකොට
කීවත් මගේ ගැන ගතු පවනැල්ල ඇදී
එමි නුඹ වෙතට දහසක් මල් වලින් මිදී
සමනලු කොතෙක් ආවත් සිප ගන්න නොදී
මගෙ මල් කැකුළ වීයන් මගෙ දිනය කදී
පෙරදා වැතිරිලා ඔය මුදු පෙති මත්තේ
පිනි කැට වැටුණු සුසුමුදු මුව සිප ගත්තේ
පිපිලා තිබුණු මුත් කොතෙකුත් මල් අත්තේ
තනි වුණු කුසුම ඇයි නුඹ මගෙ හිත ගත්තේ
සුපිපුණු මලේ සුපිරුණු රස මකරන්ද
උණුසුම් සුවඳ විද තුරුලේ ගිය නින්ද
පිනිකැට වැටුණු පෙති වල අම සුව වින්ද
මතකෙට නැගෙන විට වාවනු පුළුවන්ද
ගෙන මල් සුවඳ හමනා මද පවන දඟ
කිව්වා ඉහළ අත්තක නුඹ පිපුණු වග
වැට ඇහිරුවා මිහිලොල් එන අතර මග
උන් දැනගන්න ඇති මා විස තුඩෙහි රග
සූරුය උදා වී අරුණලු වැටෙන කොට
වනයට නොවේ නුබෙ උරුමය මිඳුලකට
පිනි ඉහිරිලා මද සුළගේ වැනෙනකොට
ලන් කර ගන්න හිතෙනව නුඹ තුරුළුකොට
කීවත් මගේ ගැන ගතු පවනැල්ල ඇදී
එමි නුඹ වෙතට දහසක් මල් වලින් මිදී
සමනලු කොතෙක් ආවත් සිප ගන්න නොදී
මගෙ මල් කැකුළ වීයන් මගෙ දිනය කදී
Friday, 13 July 2012
Tuesday, 3 July 2012
මිනිඹිරියගෙන් අත්තම්මාට
රෑ අහසේ සඳ ගාවින් තරුවක් නිවි නිවි දිලේවි
ඒ අතරින් අත්තම්මගෙ සුදු මුව මැවි මැවි පෙනේවි
මේ පාරත් මගෙ අම්මා මාව අරන් ගමට එවී
නුඹ නොහිටියහොතින් එහෙම පුන්චි හිතට දුක හිතේවි
පෙරදා තුරුලට අරගන කවි පද නුඹ කියා දුන්න
සිගිති හඬින් මම ගයනවා අත්තම්මේ අහන් ඉන්න
ඉවසිල්ලක් නෑ එනතුරු මට නුඹෙ ඔය මුව දකින්න
මම එනතුරු ඉදිකඩ ළඟ අත්තම්මේ බලන් ඉන්න
සදළුතලේ නැති සුවයක් නුඹෙ උණුසුමෙ මට දැනෙනවා
හෙල හැදියාවට ලොකු වෙන හැටි නුඹ මට කියලා දෙනවා
ගහේ වැලේ ගෙඩි කඩමින් ඇලේ දොළේ පැන නටනවා
ගිරා කොවුල් බට්ටිච්චෝ මම එනකන් මග බලනවා
පත් ඉරු මත සෙනේ සුවඳ පිටු ගාන්ණක් කවි ලියන්න
අත් පොඩි දෙක එකතු කරලා උදේ හවස හැක වදින්න
සිත් අරනේ ඇති පාළුව හැකිවෙයි මට දුරු කරන්න
අත්තම්මේ පාත් වෙන්න සුදු මුව චුට්ටක් ඉඹින්න
ඒ අතරින් අත්තම්මගෙ සුදු මුව මැවි මැවි පෙනේවි
මේ පාරත් මගෙ අම්මා මාව අරන් ගමට එවී
නුඹ නොහිටියහොතින් එහෙම පුන්චි හිතට දුක හිතේවි
පෙරදා තුරුලට අරගන කවි පද නුඹ කියා දුන්න
සිගිති හඬින් මම ගයනවා අත්තම්මේ අහන් ඉන්න
ඉවසිල්ලක් නෑ එනතුරු මට නුඹෙ ඔය මුව දකින්න
මම එනතුරු ඉදිකඩ ළඟ අත්තම්මේ බලන් ඉන්න
සදළුතලේ නැති සුවයක් නුඹෙ උණුසුමෙ මට දැනෙනවා
හෙල හැදියාවට ලොකු වෙන හැටි නුඹ මට කියලා දෙනවා
ගහේ වැලේ ගෙඩි කඩමින් ඇලේ දොළේ පැන නටනවා
ගිරා කොවුල් බට්ටිච්චෝ මම එනකන් මග බලනවා
පත් ඉරු මත සෙනේ සුවඳ පිටු ගාන්ණක් කවි ලියන්න
අත් පොඩි දෙක එකතු කරලා උදේ හවස හැක වදින්න
සිත් අරනේ ඇති පාළුව හැකිවෙයි මට දුරු කරන්න
අත්තම්මේ පාත් වෙන්න සුදු මුව චුට්ටක් ඉඹින්න
Saturday, 30 June 2012
බඹරෝ නුඹ යලි එන විට
පිපුණත් අව් කාෂ්ඨකේ නොම වියැලුන මලේ
නුඹේ සුවඳ හැමදාමත් බඹරු වසඟ කලේ
නෙලා ගන්න අතදිග නෑ පිපුන නෙළුම විලේ
රුවැති මලේ සෙනේ සුවඳ නුඹෙන් කඩා හැලේ
හිරු තෙම නැග එන්න කලින් මොහොතක සුව පතා
සීතල පිණි බිදක් එක්ක කලත් මුකුළු කතා
පාට පාට සමනලයකු කැරකුන බව ගොතා
ලෙලෙනා සුළගට හැකිවෙද පතුරුවන්න කතා
වැදී නටුව අග කටුවක් බඹරිදු නද දෙන්නේ
මල් පෙති මත සමනල සලකුනු සොයමින් යන්නේ
රටා ඇන්ද මද සුළගේ මුනිවත සුරකින්නේ
මලක මෙලෙක බඹර සිතක් නෑ තව හදුනන්නේ
නෑඹුල් මල් සුවඳ අරන් හෙට තව මල් පිපෙවී
ඒ මල් කිති කවමින් සමනලු මල් රොන් උරාවී
බඹර තුඩග රැදි උනුසුම මල ළග තනි රකීවී
බඹරෝ නුඹ යලි එන විට ඇය මිලිනව තියෙවී
Friday, 29 June 2012
පොඩි දූට
විලකට හැඩයි ඇත්නම් පිපි විලේ පියුම්
මලකට හැඩයි එහි ඇති පෙති තියන සියුම්
සිතකට සුවයි නෙක සිතුවිලි පුරන පෙරුම්
මවකට අගෙයි පිවිතුරු හොඳ දුවෙක් උතුම්
සුන් දර කවිය පන්හිද මෙතුවක් ලිව්ව
පින් සර සුවඳ නුඹ අම්මගෙ හිත නිව්ව
මන් දිර සදළුතල නොව මහ ගිරි පව්ව
නිම් තෙර අසල සැනහෙමි නුඹ විත් මැව්ව
පැහැසර උදෑසන නටනා පිණි බින්දූ
ඇහැ වගෙ බලාගන කිව්වා ගී සින්දූ
නැහැමොහොතකටවත් නෙත වෙනතක රැන්දූ
පැහැසරණියේ මට මනු ලොව සිරි කැන්දූ
පිණි කැටයක් වගේ නලවන මලක පෙතී
දිණි තිය සොබාදම රැකවල් කරයි නිතී
මිණිමුතු කණක සොර සතුරන් අතට යතී
හිණි පෙත සොයා ඉගනුම කෙරුවොතින් ඇතී
ගන්වා සිනා හසරැලි මල් මුව පොඩිය
අල්වා අතැඟිල්ල නිවැරදි මඟ අඩිය
නන්වා මිනිස් කම ලෙලදෙන ජය කොඩිය
පෙන්වා දියන් ලෝකෙට ළදකගෙ එඩිය
මලකට හැඩයි එහි ඇති පෙති තියන සියුම්
සිතකට සුවයි නෙක සිතුවිලි පුරන පෙරුම්
මවකට අගෙයි පිවිතුරු හොඳ දුවෙක් උතුම්
සුන් දර කවිය පන්හිද මෙතුවක් ලිව්ව
පින් සර සුවඳ නුඹ අම්මගෙ හිත නිව්ව
මන් දිර සදළුතල නොව මහ ගිරි පව්ව
නිම් තෙර අසල සැනහෙමි නුඹ විත් මැව්ව
පැහැසර උදෑසන නටනා පිණි බින්දූ
ඇහැ වගෙ බලාගන කිව්වා ගී සින්දූ
නැහැමොහොතකටවත් නෙත වෙනතක රැන්දූ
පැහැසරණියේ මට මනු ලොව සිරි කැන්දූ
පිණි කැටයක් වගේ නලවන මලක පෙතී
දිණි තිය සොබාදම රැකවල් කරයි නිතී
මිණිමුතු කණක සොර සතුරන් අතට යතී
හිණි පෙත සොයා ඉගනුම කෙරුවොතින් ඇතී
ගන්වා සිනා හසරැලි මල් මුව පොඩිය
අල්වා අතැඟිල්ල නිවැරදි මඟ අඩිය
නන්වා මිනිස් කම ලෙලදෙන ජය කොඩිය
පෙන්වා දියන් ලෝකෙට ළදකගෙ එඩිය
Monday, 25 June 2012
Subscribe to:
Posts (Atom)





