නුඹේ කවිය
සිතුම් එක් තැන්කරපු හීනයක් තියනවා
නුඹ හොරෙන් ඒ හීනෙ බිදින්නට හදනවා
ඇවිද ගිය මල් පාරෙ මල් පරව හැලෙනවා
අඬන්නට හිතෙන මුත් නෙත නොහඬ ඉන්නවා
ගොතන හැම කවියක්ම ඔබට බව දන්නවා
ඒ දන්න මුත් ඔයා නොදත් සේ ඉන්නවා
නුඹ නොලියු කවිය මම සිත රවට ගන්නවා
රැවටිච්ච ඒ සිතම ඔබට කවි ලියනවා
මා ද හීනෙන් දකින හීනයක්..............තියෙනවා
ReplyDeleteඒ හීනයේ ඉඳන් ඔබෙ සුවඳ................විඳිනවා
තිගැස්සී අවදි වී නිදි ලොවෙන්...............මිදෙනවා
හීනයෙන් විඳි සුවඳ සබෑ ලොව ............සොයනවා
මෙතෙක් මා ලිව්වෙ නැති එක කවක්.........තියෙනවා
සසරෙ වෙන අත් භවෙක එය ලියනු...........සිතනවා
ඒ කවිය සඟවගෙන මේ කවිය................ලියනවා
ඒ කවි ද මේ කවි ද ඔබටමයි.............දැනෙනවා