Wednesday, 13 June 2012

මුතු කැට වුනේ වැහි බිදු නොව නෙත කදුළුයි






.
සෙනෙහස සතුට සාමය හද පතුලෙ මවා
සිසිලස සදනවා හමනා සුළඟ පවා
කවි රස පෙවූ කවි කැල සිප් සතර පොවා
සිහිපත් කරනවා නිති මගෙ සිරස නවා

රළු ගල් බොරළු අතරින් දිය ගලන රිදී
සුරැකිව රකින සිතුවිලි රල නොමැත සිදී
සැනසුම සොයමි කවදත් කවි දැහැනෙ වැදී
කුත ගුන පිරුන කවි කම හිත පතුලෙ නිදී

යන මග ගල් මුගුරු කටු කෙහෙලැල් මතිනේ
මැකුමට සුසුම් එක හසරැල්ලක් ඇතිනේ
නිල් කොලවල නෙමෙයි මිනිසත් කම එතුනේ
නුඹලගෙ ඇසුර ළග සරසවි දූ පුතුනේ

1 comment:

  1. මගෙන් උණුසුම් සුබ පැතුම්

    ReplyDelete